පොතුවිල පානම කලපුවේ ගිළී අඹුසැමි යුවලක් මියගිය බව පොතුවිල් පොලිසිය කියයි. ධීවරයකු ඔරුවෙන් දැල එළීමට යද්දී මීමැස්මොරය හැදී කලපුවට වැටී ඇතැයි ද ඔහු බේරා ගැනීමට ගිය බිරිය ද ගිළි ඇතැයි ද ඔහු සමග ගිය තවත් දෙදෙනකු කලපුව අසල ගල්තලාවේ රැය පහන් කර පසුව දා කිලෝමීටර් අටක් දුර ගෙවා පොලිසියට ගොස් පැමිණිලි කිරීමෙන් පසුව පානම පොලිස් මුර පොළෙන් ගොස් සිරුරු ගොඩගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

