මාළු කාලා හමාරයි


මුහුද දැඩි ලෙස රළු වීම නිසා අම්බලන්ගොඩින් හා හික්කඩුවෙන් බෝට්ටු 350ක් පමණ අදත් මුහුදු නොගිය බව ධීවරයෝ කියති.

මේ අනුව මාළු මිල නොසිතූ අයුරින් වැඩි වී ඇත.

අද තලපත් කිලෝව රුපියල් 1110ක් විය. බලයා කිලෝව රුපියල් 680ක් විය. කෙළවල්ලා කිලෝව ද ඊට මදක් වැඩියෙන් අලෙවි විය. මාළු හිඟයක් ද පවතී.