මාළු කඩේ අරින්නත් කළින් වැසේ


බලංගොඩ නගරසභාවේ අවසරයෙන් තොරව කෝප් සිටි ගොඩනැගිල්ලේ ධීවර සංස්ථා මාළු කඩයක් විවෘත කිරීමට නොහැකි විය. පළාත් අධ්‍යාපන ඇමති භානු මුණුප්‍රිය මහතා අද එය විවෘත කිරීමට නියමිතව තිබියදී නගර සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතා එය නතර කළේය. නගර සභාවෙන් අවසර නොගෙනීම එයට හේතුවයි. නගර සභාවෙන් අවසර ඉල්ලුවානම් සෞඛ්‍යාරක්ෂක තැනක් දෙනවායැයි ඔහු කියයි. ධීවර සංස්ථා උප සභාපති ශාන්ත හේරත් මහතා පැවසුවේ සභාපති එහි පැමිණ තර්ජනය කළ බවයි.