මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ


(ෂේන් සෙනෙවිරත්න)

සන්නද්ධ මැරවරයන්  පිරිසක් මාළු කපන පිහි රැගෙන  කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ වාහනවලට අලාභාහානි කරද්දී කටුගස්තොට නගරයම භීතියෙන් ඇළලී ගිය බවද වාර්තාවේ .

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්ස්‍ය ව්‍යාපාරිකයා විසින් කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක්ද සිදුකොට තිබේ .

ගාල්ල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයකු විසින් කටුගස්තොට නගරයේ ආරම්භ කිරීමට සූදානම් වූ එම මත්ස්‍ය අලෙවි සැල විවෘත නොකරන ලෙස අවස්ථා ගණනාවකදීම කිසියම් කණ්ඩායමක් මගින් තර්ජනය කොට තිබුණත් අදාල ව්‍යාපාරිකයා ඊට අවනත නොවී මත්ස්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට සූදානම් වීම මෙම මැර ප්‍රහාරයට හේතු විය හැකි බවට පොලිසිය සැක පහළ කරයි .