(ලහිරු හර්ෂණ)
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.
කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත. අයිස් නම් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මත් ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.
ළිඳ තුළ තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)







