දොඩංගොඩ බෝඹුවල දී මැර පිරිසකගේ ප්‍රහාරයට පසුගිය මැයි 30 වැනි දා ලක්වූ බව කියන කොස්තාපල් සුමින්ද සමන් පොලිසියට දී ඇති වෙලාවල් සම්බන්ධයෙන් අද මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායම පරීක්ෂණ දෙකක් පැවැත්වීය.
ඔහුට පහර දුන් බව කියන වේලාව හා ඉන් පසු ඔහු ගත් ක්‍රියාමාර්ග සම්බන්ධ වෙලාව ගැන මෙම පරීක්ෂණය තෙවැනි වරත් අද රාත්‍රී පැවැත්වීමට නියමිතය.
පොලිසිය සොයා බලනුයේ ඔහු කියා ඇති වෙලාවල් නිවැරදි අවබෝධ්‍යක් ලබා ගැනීමයි.
කුලියට ගත් නැනෝ කාරයක් මේ සදහා යොදා ගැනේ. එදා ඔහු ගිය ගමන් මාර්ගයේම මේ පරීක්ෂණයට යොදාගෙන ඇත.
මේ අතර අනුරාධපුර පොලිසියේ පිරිසක් ඔහුගේ මව හා පියා හමුවී ඔහුගේ දේශපාලන පක්ෂපාත කම් ගැන කරුණු විමසා ඇතැයි දැනගන්නට තිබේ.
මෙම පොලිස් කොස්තාපල් කියා ඇත්තේ සමූපකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා දඩ කොළයක් දුන්විට තමාට බැණ වැදුණු බවයි. මේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැතැයි ඇමැතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
එම කොස්තාපල්වරයා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පතිට යැවීය.

