මාස හයට 1200ක් පාරේ මැරිලා


වසරේ පළමු මාස හයේ දී පුද්ගලයන් 1202 ක් රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනතුරු 330 කින් 340 දෙනෙකි. පළමු මාස හයේ දී මාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 3584කි. ඉන් බරපතල තුවාල ලැබූවන් සංඛ්‍යාව 1049ක් වන අතර සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2485කි. පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යාලේඛ අනුව දිනකට මාරක රිය අනතුරු හයක් හෝ හතක් පමණ සිදුවන අතර දිනකට 10 දෙනකු පමණ මියයති.