මාස හයක් තුළ ලක්ෂ හයකයට අධික දුම්වැටි රේගුව අල්ලයි


(නිමල කොඩිතුවක්කු)

මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ සිදුකළ වැටලීම් වලිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි හය ලක්ෂ දස දහස් අටසීය හතලිහක් (610 840) රේගු භාරයට ගෙන ඇතැයි ගුවන්තොටුපළ සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  විපුල මිනුවන්පිටිය මහතා “ලංකාදීපයට” පැවසීය.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි පන්ලක්ෂයකට අධික  බවද ඔහු සඳහන් කරයි.  

නීති විරෝධී ලෙස ගෙන්වූ එම  දුම් වැටි සඳහා අය කළ දඩ මුදල් ලෙස රුපියල් තිස්පන් ලක්ෂ අසූපන්දහසක මුදලක් රජය උපයා ඇති බවද විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය.

චීනය සහ මැදපෙරදිග රටවලින් මෙම දුම්වැටි වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ඇති බවද ඒ මහතා පැවසීය.නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන දුම්වැටි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.