රංජන් කස්තුරි
මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු උණ රෝගීන් 17500ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වසරේ හමුවූ එම ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව ඉකුත් 2017 වසර හා සැසඳීමේදී සියයට 60ක පමණ අඩුවීමකැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෝසම් වැසි සමයත් සමඟ ඇති විය හැකි ඩෙංගු වසංගත තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් හෙට (10) සහ අනිද්දා (11) දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර හා සබරගමුව පළාත්වලද මඩකළපුව දිස්ත්‍රික්කය තුළද ක්‍රියාත්මක කෙරෙන බවද එම ඒකකය පවසයි.