මාස පහකට පසු වාසනාට වාසනාව පෑදෙයි


ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර ජූලි 17 වැනිදා ඇරඹේ. ජූලි 31 වැනිදා අවසන් මහ පෙරහරද අගෝස්තු 1 වැනිදා කතරගම දිය කැපීමද සිදු කිරීමට නියමිතය.

මැණික් ගඟේ දිය දෝතකින් මුහුණ සෝදා ගැනීම මහා වරප්‍රසාදයක් ලෙස සලකන වන්දනාකරුවෝ ගඟේ බැස නෑම ඊටත් වඩා භාග්‍යයක් ලෙස සලකති.

ඌව කඳුවැටියෙන් පටන් ගන්නා මැණික් ගඟ පිරිසිදු කිරීමේ කටයුතු රාජ්‍ය දැව සංස්ථාවේ අනුග්‍රහයෙන් සිදුවිය.

මේ දිනවල ඈත ප්‍රදේශවල සිට වන්දනාකරුවෝ කතරගමට පැමිණෙමින් සිටිති. මේ අතර කතරගම දේවාලයේ වාසනා හස්තියා මද කිපීම නිසා පස් මාසයක් ගස් බැඳීමෙන් පසුව දේව රාජකාරිය සඳහා දම්වැල්වලින් ලිහා ‘පේරොද්ද‘ කඹය දැමීමේ උත්සවය දේවාල ඇත්ගාලේදී සිදුවිය.

මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ඇතාට සෙත් පැතූහ. බස්නායක නිළමේ ඩී.පී.කුමාරගේ මහතා ඇත්ගොව්වන්ට හෙණ්ඩුව භාරදුන් අතර සුබ මොහොතින් ඇතා ගසින් ලෙහා දැමීය. අනතුරුව ඇතාට කැවුම්, කිරිබත්, කෙසෙල් හා රසකැවිලි සංග්‍රහයක්ද පැවැත්විණි.

වාසනා හස්තියා කතරගම පෙරහරේ දෙවියන් වඩමවාගෙන යයි.

2 4 6 10 12 13 14

ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය

P1090157 P1090160 P1090162

ඡායාරූප - නෙල්සන් පියරත්න

වීඩියෝ - කේ.ඩී.දේවප්‍රිය