උඩ පේරාදෙණිය ළමා නිවාසයක සිටි මාස දෙකක් පමණැති දරුවෙකුට උදැසන කිරි පෙවීමට යාමේදි කිරි සිරවී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
රෝහලේදීම දමා ගොස් ඇති මාස දෙකක් පමණැති මෙම දැරිය අධිකරණයෙන් ළමා නිවාසයට භාර දී ඇත. ඉරිදා (17) දරුවන් බලාගන්නා ළමා නිවාසයේ කාන්තාවක් විසින් බෝතලයෙන් කිරි පෙවීමට යාමේදී කිරි සිරවිමෙන් පසු පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරිමෙන් පසු එදින දහවල් මියගොස් ඇත.

