මාස තුනට හොර කඩ 3700 ක්


 

කිරුම්  මිනුම්  සම්බන්ධ වැටලීම්  තුන් දහස්  හත්සිය හැට  හතක්  ජනවාරි  සිට  මාර්තු   31 දක්වා   සිදුකර  වෙළදුන්   හාරසිය  හැත්තෑ හයදෙනෙකුට   එරෙහි   නඩු  පැවරූ බව  මිනුම්   ඒකක  ප්‍රමිති   සහ   සේවා   දෙපාර්තමේන්තුවේ   අධ්‍යක්ෂක ප්‍රේමසිරි   කුමාර   මහතා පැවසීය.

මුද්‍රා  නොතැබු  තරාදි  සම්බන්ධ නඩු   දෙසිය අසු තුනක්  ද අඩු  බරට  කිරිම් පිළිබඳව නඩු   එකසිය  හයක්   ද  කිරුම්  මිනුම්   සඳහා   ව්‍යාජ   උපකරණ  භාවිත කිරිමට   අදාළ නඩු   හැට  නමයක්  ප්‍රධාන වශයෙන්  ඇතුළත්   වී ඇත.