ලෝකයේ තෙල් මිල පහළ යන ලකුණු ඇති හෙයින් ඉදිරි මසා තුනේ දී ශ්‍රී ලංකාවේ තෙල් මිල තවත් පහත දැමීමට ඉඩ ඇතැයි රජයේ නිල ආරංචි කියයි.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව පැන වූ තහංචි ඉවත් කර ඇති නිසා ශ්‍රී ලංකාවට කෙලින්ම ඉරානයෙන් තෙල් මිලට ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ තෙල් බිල ඉදිරි තුන් මාසයේ දී කැපී පෙනෙන ලෙස අඩු කළ හැකි බවත් බලශක්ති ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.

