මාස තුනක වැටුප් ගෙවා ජෙෆ් මාෂ් ගෙදර යවයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බාර ගැනීම සඳහා දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඞ් මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ‘‘ජෙෆ් මාෂ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කරනවා නම් ඔහුට ගෙවිය යුත්තේ තවත් මාස තුනක වැටුප පමණයි, තවත් වසරක වැටුප් ගෙවිය යුතු නෑ’’ යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය. ග්‍රෙහැම් ෆෝඞ් මහතා 1999 වසරේ සිට 2002 වසර දක්වා දකුණු අප‍්‍රිකානු පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ෆෝඞ් මහතා එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කළේය.