( සිතුම් චතුරංග)
ඩෙංගු උණ වැළදී අසාධ්‍යව සිටි මාස 11 බිළිදෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල පවසයි.
එලෙස ඩෙංගු රෝගයෙන් මියගොස් අැත්තේ යාපනය, තාවඩි ප්‍ර පදිංචි මදුරන් කිරුතිෂ් නමැති මාස 11ක බිළිදෙකි.
ඩෙංගු උණ හේතුවෙන් දින ගණනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා අැති දරුවා රෝගය උත්සන්නවීමෙන් ඊයේ(25) ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කරයි.
මේ අතර ඩෙංගු උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටි යාපනය සරසවි සිසුවියක්ද මීට දින දෙකකට පෙර මියගොස් තිබේ.
ගුණරත්නම් සුබීන් නමැති සරසවි සිසුවියක් මෙලෙස මිය ගියාය. සිසුවියගේ අවසන් කටයුතු ඊයේ(25) යාපනය තෙලිප්පලෙයි පිහිටි ඇයගේ නිවසේදි සිදුකෙරිණ.

