මාස 10ට කෝටි 2190ක අය වැය අතිරික්තයක්


රංජන් කස්තුරි
 
ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
රටේ සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ වැඩිවීම අය වැය අතිරික්තය ලෙස හඳුන්වන අතර වසර 63කට පසුව වාර්තා වූ ඉහළම අයවැය අතිරික්තය මෙය වන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
1994 වසරේ සිට 2016 දක්වා සෑම වසරකදීම අයවැය පරතරය සෘණ අගයක් වූ අතර ඉකුත් 2016 වසරේදී අයවැය හිඟය රුපියල් කෝටි 3700ක් ලෙස වාර්තා වූ බව ද මුදල් අමාත්‍යංශ වාර්තාවල සඳහන්වේ.