ජනරාල් සරත් ෆොන්සේකා ලබන 22 දා සිට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වේ. පීල්ඩ් මාර්ෂල් යනු තරු පහේ සුපිරි සම්භාවනීය හමුදා නිලධාරී තනතුරකි. ලෝකයේ යුද හමුදාව ඇති රටවල හමුදා නිලධාරියකුට ලැබෙන විශිෂ්ඨතම වරප්‍රසාදය වන්නේ මෙම තනතුරය.
රටවල් 68ක දැනට පීල්ඩ් මාර්ෂල් තනතුර සදහා හමුදා නිලධාරින් පත්ව තිබේ. මෙම තනතුර යාවජිව තනතුරකි. ඊට කැබිනට් අමාත්‍යවරයකුට හිමි බලතල අනිවාර්යෙන්ම හිමිවේ.
මේ තනතුරට පත්වන ප්‍රථම ශ්‍රි ලංකීක යුද හමුදා නිලධාරිය වන්නේද ජෙනරල් සරත් ෆොන්සේකාය.
පීල්ඩ් මාර්ෂල් තනතුර වැනි උසස්ම තනතුරක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙනුවෙන්ද වෙන්කර තිබේ. නාවික හමුදාවේ එය සදහන් කරන්නේ අද්මිරාල් ඔෂ් ද ප්ලීට් වශයෙනි.
ජනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කළ බව නිල වශයෙන් නිවේදනය වීමත් සමඟ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද තමන්ට හිමි ඒ උසස්ම තනතුර ප්‍රදානය කරන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා විය.
ජනරාල් පොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් වීමට බලපාන ප්‍රධාන කරුණු කීපයක් තිබේ. ඉන් ප්‍රමුඛතම කරුණ වන්නේ තිස් වසරක් තිස්සේ පැවැති ජන ඝාතක යුද්ධයක් සහමුලින්ම අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේ ප්‍රධාන නියමුවා වීමය.
ඒ යුද හමුදාපති ලෙසිනි. මේ අවධියේ මුහුදු කොටින්ගෙන් එල්ල වන ප්‍රහාර මැඩලමින් සහ අවි ආයුධ ප්‍රමාණය අවහිර කරමින් නාවික හමුදාව මානුෂීය මෙහෙයුමට විශේෂයෙන්ම ගොඩක්ම පාබල හමුදාවට අවශ්‍ය සහාය ලබා දුන්නේය.
පාබල හමුදාව සතුරු ඉලක්කයන් සොයා ඉදිරියට යද්දී කොටින්ගේ මර්මස්ථානවලට ගුවනින් බෝම්බ හෙලමින් පාබල හමුදාවන්ගේ මඟ හෙලි පෙහෙලි කළේ ගුවන් හමුදාව විසිනි.
මේ නිසා ත්‍රිවිධ හමුදාව එක්ව යුද්ධය අවසන් කළ බව ප්‍රකටය. හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන් මෙසේ තමන්ටත් උසස් තනතුර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත්තේ ඒ පදනම පසුබිම් කරගෙන විය යුතුය.
තනතුරු පසු පස හඹායාම සාමාන්‍ය පෘථග්ජන මිනිසුන්ගේ දින චරියාවකි. එහි වරදක්ද අපට නොපෙනේ. මිනිසා හැඩ ගැසී ඇත්තේද අපරිමිත වූ ආශාවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉටුකර ගැනිමේ අභිලාෂයෙනි. සමහරු එම ඉලක්ක සපුරා ගනී. සමහරුන්ට එය නොහැකිවේ.
සමහරුන්ට ඒ පිළිබදව ඇති උනන්දුව අල්පය.
මෙවැනි උසස් තනතුරක් ලබා ගැනීමට දේශපාලන ජවයකුත් අවශ්‍ය බව මෑත කාලීන අපේ සංස්කෘතිය විදහා දක්වයි.
තුන් වැනි ඊළාම් යුද්ධයේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිව සිටි අනුරුද්ධ හේමන්ත මහතාට හමුදාවේ ඉහළම තනතුරක් වන ජනරාල් පදවිය ලැබුනේද මේ දේශපාලන ජවය නිසාය. ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස චන්ද්‍රිකා ජනාධිපතිනිය පාලන සමයේ දියත් කළ රිවිරැස මෙහෙයුමේදී යාපනය අර්ධද්වීපයේ බලය මුළුමනින්ම හමුදා අණසකට යටත් කළේය.
ඒ වන විට කොටි ත්‍රස්තවාදීන් යාපනය අගනුවර කරගෙන නිල නොවන ඊළාම් රාජ්‍යයක් බිහිකර තිබුණි. රිවිරැස මෙහෙයුමේදී යාපනය අර්ධද්විපයට අයත් ප්‍රධානම කලාප 3 වූ වලිකච්ච, කෙන්මරච්චි සහ වඩමාරච්චි යන ප්‍රදේශ (කිලාලි කලපුව ඇතුළුව) මුළුමනින්ම හමුදා අණසකට යටත් කර ගැනීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.
යාපනය අල්ලා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් කොළඹ පැවැති නිල උත්සවයකදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්ත මහතා තරු හතරේ ජනරාල් තනතුරට ජනාධිපතිනිය විසින් උසස් කරනු ලැබීය.
ඒ වන විට අනුරුද්ධ රත්වත්ත මහතා යුද හමුදානේ ස්වේච්ඡා බල සේනාවට සම්බන්ධව සිටි කර්නල් වරයකු විය. කර්නල් තනතුරේ සිට බ්‍රිගේඩියර් ,මේජර්, ජනරාල්, ලුතිනන් ජනරාල් වැනි තනතුරු අභිබවා එකවරම ජනරාල් වරයකු ලෙස උසස් වූයේ ඔහු රජයේ ප්‍රභලයෙකුට සිටිම නිසාය.
ජෙනරාල් තනතුරට රත්වත්ත මහතා බෙහෙවින් ඇළුම් කළේය. ක්‍රියාන්විත ප්‍රදේශවල සිදුකළ ගමන් බිමන් වලදී ත්‍රිවිද හමුදා පති වරුන්ද එක්කර ගත් අතර විශේෂයෙන්ම තරු හතරේ ජනරාල් වරයකුට හිමි නිල ඇදුම සහ ඊට අදාල පදක්කම් පැලදීමට අමතක නොකළේය.
යම් ලෙසකින් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය තුල ජනරාල් රත්වත්තේට මේ යුද්ධය සහ මුලින් අවසානයක් කරන්නට හැකි වුවා නම් ලංකාවේ පළමුවන පීල්ඩ් මාර්ෂල් වරයා බවට අනුරුද්ධ රත්වත්ත මහතා පත්වනු නොඅමානය.නු
අනුරුද්ධ රත්වත්ත මහතාගේ භූමිකාවෙන් පසු දේශපානයේදී අපට කියවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයයි. ඔහුගේ පාලන කාලයේදී ආරක්ෂක අමාතංශයේ ලේකම් වරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරාය.
වෘත්තිමය වශයෙන් ගොඨාභය රාජපක්ෂ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙකි. වඩමාරච්චි සටනින් පසුව හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇමරිකාවේ පදිංචිවි සිට යළි 2005 දී මෙරටට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව කරනු ලබන මුල්ම පත්වීම වන්නේ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ මුල්ම කාර්ය වුයේ එවකට මාණ්ඩලික ප්‍රධානීව සිට විශ්‍රාම යෑමට සිටි සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත් කිරීමය.
ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යුද හමුදාවේ සමකාලිනයන් විය.
සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගය ඇහට ගුණ නැති බව තේරුම් ගත් කොටි සංවිධානය ඔවුන් දෙදෙනාටය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේය.
සරත් ෆොන්සේකාට එල්ල වු ප්‍රහාරයෙන් බරපතල තුවලා ලබා දිවි ගලවා ගත් අතර රාජපක්ෂ මහතා තුවාල නොලබාම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය.
යුද්ධය ආරම්භ වූයේ මාවිල් ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදි විසින් වසා දැමිම නිසාය. එය විවෘත කිරීම උදෙසා දියත් කළ මානුෂිය මෙහෙයුම අවසානයේදී නතරවුයේ නන්දිකඩාල් කලපුවෙන්ය.
කොටි නායක ප්‍රභාකරන්ද සමග ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය නන්දිකඩාල් කලපුවේ දියකර හැරිමට සරත් පොන්සාකට හැකිවිය.
හමුදාපති සරත් පොන්සේකා යුද බිමේ කොටි බලමුළු වනසද්දී ඊට අවශ්‍ය තාක්ෂණික සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි.
යුද්ධය අවසන් කිරිමෙන් පසු ලුතිනන් ජනරාල් තනතුරේ සිටි හමුදාපති සරත් පොන්සේකා තරු හතරේ ජනරාල් පදවියට උසස් කෙරිණි. සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටියදී තරු හතරේ ජනරාල් දුරයට පත් පලමු හමුදා නිලධාරියා ඔහුය.
සරත් පොන්සේකා එලෙස උසස් වීම් ලබා දුන්නද ගෝඨාභය රාජපක්ෂ මහතා තම පූර්ව අනුගාමිකයා වූ අනුරුද්ධ රත්වත්ත මහතා අනුව යමින් ලුතිනන් කර්නල් නිලයේ සිට අඩුම වශයෙන් කර්නල් වරයකු ලෙසටවත් උසස් නොවූයේ ඇයිදැයි ප්‍රෙහේලිකාවකි. හවැනි තනතුරක් ලබා ගැනීමට ඔහුට යම් කිසි ආශාවක් හෝ උනන්දුවක් ඇති වූවා නම් ජනාධිපතිවරයා වන තමාගේ සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතා ලබා තත්පර ගණනක් ඇතුළත ලබා ගැනීමේ හැකියාව තිබුණි. තනතුරු උසස්වීම් සඳහා අවශ්‍ය දේශපාලන ජවය තිබියදීත් එය එසේ නොවීය.
පසුව ජනරාල් ෆොන්සේකා දේශපාලනයට පිවිසියේය. අවසානයේ ඔහු නතර වූයේ වැලිකඩ හිර ගෙදරිය. වසර දෙකකට කිට්ටු කාලයක් සිර දඩුවම් විදි ඔහුගේ චරිතය විවිධාකාර හැලහැප්පීම්වලට ලක්වූ නෞකාවක් වැනිය.
ඔහු වරක් මිය ගොස් යළි ඉපදුනේය. ඒ කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙනි. එම ප්‍රහාරයෙන් ලැබූ තුවාල සුව වන්නට පෙර ඔහු ජම්පරයක් ඇඳ සිර බත් කෑවේය. අර්ධ ජනාධිපති සමාවක් විඳ සිරෙන් එළියට ආවේ ප්‍රජා අයිතිය අහිමි පුද්ගලයකු ලෙසටය.
2015 ජනාධිපතිවරණයේ දී ඔහු නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාට පූර්ණ සහාය පළ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට පූර්ණ සමාව හිමි විය. අහිමි කළ නිල නාම, පදක්කම් සියල්ල යළි ලැබිණි. දැන් ඔහු හමුදාවේ උසස්ම නිලය වන ‘ෆීල්ඩ් මාෂල්‘ තනතුරෙන් පිදුම් ලබයි.

