මාවුස්සාකැලේ දොරටු වරින් වර අරී


(රංජිත් රාජපක්ෂ)

මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද   දින 12ක් වරින් වර විවෘත කර තබන බවට  විදුලි බල මණ්ඩලය දැන් වූ බව  නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තැබෙන වේලාවන් වල ජලාශ වේල්ලට පහලින් වු කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිළිබදව කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජලය පරිහරණය කරන පුද්ගලයන් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියි.