මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළට


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ නගිමින් පවති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට අධික වර්ෂා තත්ත්වයක් පවතින අතර මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිහිටි ප්‍රදේශවලට අද(14) උදැසන 06.00 න් අවසන්වූ පැය 24 තුළ පිළිවෙලින් මිලීමීටර් 70 ක් හා 89 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.