(රංජිත්රාජපක්‍ෂ)
හැටන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක සිසුන් දෙදෙනකු මාවා නැමැති තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටියදි අද (16) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.
හැටන් ප‍්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්කකර ගනිමින් ජාවාරම් කරුවන් මෙම මාවා නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පොලිසිය පවසයි.
සිවිල් ඇඳුමෙන් හැටන් බස් නැවතුම්පොළේ සිටි පොලිස් නිලධාරීන්ට මෙම පාසල් සිසුන් දෙදෙනා ගැන සැකසිති කළ පරික්‍ෂා කිරිමකදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම මත්ද්‍රව්‍ය මිලදි ගත් ස්ථානය ඹවුන් හෙලිදරව් නොකළ බව ද පොලිසිය කියයි .
පොලිස් භාරයට ගත් සිසුන් දෙදෙනා ඔවුන්ගේ දෙමවිපියන් කැඳවා අවවාද කර මුදා හරින බවත් පාසල් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් හැටන් පොලිසිය පවසයි.

