මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක්



(සමන් විජය බංඩාර)
 සබරගමුවේ  හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පැවැත්විය.


 සබරගමුවේ හිටපු  ප‍්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පවත්වා ඇති බවද මෙහිදි දැන ගැනිමට හැකි වු අතර ලංකාව තුලද මාධ්‍ය මගින්වත් මෙවැනි දන්සලක් තමන් මිට කලින් දැක නැති බවද මෙම දන්සලට එක්ව සිටි ජනතාව පවසයි.


මෙම දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පෙළ ගැසි මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කළ දන්සලට පැමිණි ඒ සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.

 
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලූ මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය. 


එම අවස්ථාවේ මෙවැනි දන්සලක් පැවැත්විම සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.


‘හැම තැනම විවිධ දන්සල් තියෙනවා. මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ.