(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශවල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවතින බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහෙස්ත‍්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු විය.
දැනට වැරදි කරුවන් බවට පත් වි අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලිසිය කියයි.
මෙ වන විට අත්අඩංගුවට ගැනිමට සිටින සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ක් සහ අනිත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බවද පොලිසිය පවසයි.
මෙලෙස මෙම චෝදනාවේ වැරදි කරුවන් වන සියලූ දෙනා මාවනැල්ල දෙල්ගහගොඩ, දානාගම, හිගුල වැනි මාවනැල්ල අවට ප‍්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.