(සමන් විජය බණ්ඩාර)
අක්කරෙයිපත්තුව අට්ටාලචේන ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප‍්‍රදේශයේදී අනතුරකට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් 35 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බස් රථයේ සහයකයා බව පොලිසිය කියයි.
අනතුරෙන් රෝහල් ගත කර ඇත්තේ අක්කරෙයිපත්තුව අට්ටාලචේන ප‍්‍රදේශයේ ගුරු විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් 33 දෙනෙකි.
බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බස් රථය මාර්ගයේ පෙරලී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.
බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ එහි සිසුන් 54 දෙනෙකු සිට ඇති බවත් ඔවුන් අවුරුදු 22 හා 23 න වයස් කාණ්ඩවල පසුවන අය බවත් මෙම සිසුන් පිරිස අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බවත් පොලිසිය කියයි.
බස් රථයේ ගමන් ගත් 54 දෙනාගෙන් සිව් දෙනෙකු සිසුන් වන අතර අනෙකුත් සියලු දෙනා සිසුවියන් වන බවද පොලිසිය පවසයි.



