මාවනැල්ලේ පස්කන්දකට යටවූ දෙදෙනකු සොයයි


(තරිඳු ජයවර්ධන,සමන් විජය බණ්ඩාර)
 
මාවනැල්ලේ ඉදිකිරීමක් කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටී යටවූ එක් අයකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනකු සොයා සෝදිසි මෙහෙයුමක් සිදු කරන බවත් පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ රුකුලගම, දෙවනගල ප‍්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. පී. තිලක් රූපසිංහ (46) නැමැති අයෙක් සහ වහරක්ගොඩ, උස්සාපිටියේ පදිංචි එම්.කේ. ජයසිරි ( 44 ) නැමැති අයෙක් වන බව මාවනැල්ල පොලිසිය පවසයි.

මාවනැල්ල නගරයට නුදුරින් ඇති කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ මාවනැල්ල නගරය මග හරිමින් යෑමට ඇති මාර්ගයේ කොළඹ බස් නැවතුම් ස්ථානයට නුදුරින් ඇති පුද්ගලයකුට අයත් පෞද්ගලික ඉඩමක පිරිසක සේවයේ යෙදි ඇත.

බැකෝ යන්ත‍්‍ර දෙකක් යොදා ගෙන මෙම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කිරිමට පස් කපා අති අතර මෙම පුද්ගලයන්ද එහි සේවයේ යෙදි ඇති බව පොලිසිය පවසයි.

මෙම පස් කපන ස්ථානයේ ඒක පසකින් ප‍්‍රධාන මාර්ගයේ සිට වැටි අති අතුරු මාර්ගය වන අතර මෙ පස් කපන ලද ස්ථානය එම මාර්ගයේ පහල කොටසින් පිහිටා ඇත අතර සාමාන්‍යයෙන් බූවැලි යනුවෙන් හදුනවන සවි ශක්තියෙන් අඩු පස් මෙහි තිබිම නිසා බැකෝ යෙදා පස කපද්දි අඩි 15 කින් පමණ උස පස් කන්ද හිටි හැටියේ ඇද වැටෙන්න ඇති බවයි පොලිසිය සැක පළ කරයි.
 

 

(ජායාරූප - සමන් විජය බණ්ඩාර)