(සමන් විජය බංඩාර)
මාවනැල්ල ලංගම බස් ඩිපෝව අසල කාණුවෙහි තිබී මළ සිරුරක් අද (07) සොයා ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
මළ සිරුරේ දෙපා පමණක් පෙනෙන ලෙසින් එම මළ සිරුර කාණුවේ තිබී ඇත.මෙම පුද්ගලයා කාණූවට වැටි මිය ගියාදැයි නැතිනම් ඝාතනයක්දැයි පරීක්ෂණ පවත්වන බව මාවනැල්ල පොලිසිය කියයි.
දැනට ඇති තොරතුරු අනුව මෙම පුද්ගලයා මාවනැල්ල නාදෙනිය පදිංචි ගුවන් හමුදාවේ සැරයන්වරයෙකි.පොලිසිය පැවසුවේ එම ස්ථානයේ වෙළෙඳසලක සීසීටීවී කැමරා පද්ධතියේ අදාළ සිදුවීම සටහන් වි ඇති බවයි.


