මාලියේ බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කපිතාන්වරයෙක් - සෙබළෙක් මිය යති


( ඉන්දිකා රාමනායක)


බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ශ්‍රී ලංකා හමුදා පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා  යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස්  තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර්  සුමිත් අතපත්තු මහතා පැවසීය.


මෙම බෝම්බය  දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා ඇති අතර ඩුවෙන්සා  කාන්තාරය ආසන්නයේදී අද(25) එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ සිදු වී ඇතැයි  හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.