මාලිගාවිල බුදු පිළිමයට යළි පණ දුන් ඉංජිනේරුවා දිවියට සමුදෙයි


(නිමන්ති රණසිංහ)

මෙරට විශිෂ්ට විද්වතෙකු වාස්තු විද්‍යාඥයකු මෙන්ම වරළත් ඉංජිනේරුවකුවූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා (78) හෘදයාබාදයක් හේතුවෙන් අද  අභාවප‍්‍රාප්ත විය.

යාන්ති‍්‍රක ඉංජිනේරුවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආචාර්ය ගැමුණු සිල්වා මහතා මෙරට පුරා විද්‍යා ක්ෂේත‍්‍රයේ දැවැන්ත මෙහෙවරක් කළ විද්වතෙකි.

මාලිගාවිල බුදු පිළිමය, පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, මිරිසවැටිය දාගැබ, තිවංක පිලිමගෙය මෙන්ම ගල් විහාර ප‍්‍රතිමා වහන්සේලා සුරක්ෂිත කිරීමට ආචාර්ය ගැමුණු සිල්වා මහතාගේ විද්‍යාත්මක මැදිහත්වීම ප‍්‍රබල විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ආරම්භයේ සේවය කළ ටර්නර් වික‍්‍රමසිංහ, ජීවක ද සොයිසා යන මහත්වරුන් සමඟ ද එම සංස්ථාවේ ආරම්භක සාමාජිකයකු ලෙසින් සේවය කර ඇති ආචාර්ය ගැමුණු සිල්වා මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කර ඇත.