මාලිගාවත්ත ළිඳකින් තවත් පිහි 16 ක් සොයා ගනී


(ඉන්දිකා රාමනායක)

මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16 ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලිසිය කියයි.

ඛෙත්තාරාම  කී‍්‍රඩාංගනය අසළ පිහිටි ළිඳත් තුළ කඩු 58 ක්, පිහි 52 ක් සොයා ගත් අතර එම ළිඳ අද (9) සම්පුර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරිමේ දී පතුලේ තිබී තවත් පිහි 6 ක් හා වායු රයිෆල් උණ්ඩ  තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.