මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු අවිගත් පිරිසක් විසින් ගම්වැසියන් 100ක් පමණ මරා දමා ඇතැයි වාර්තා වේ.
මෙම ඝාතකයන් සාම්ප්‍රදායික ඩෝගොන් දඩයම්කරුවන්ගේ ඇඳුමින් සැරසී පැමිණි බවද ෆුලානි වාර්ගික කණ්ඩායම ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇති බවද සඳහන් වේ.
මෙම ගම්මානය මොප්ටි කළාපයේ ඔගොස්සාගොව්හි පිහිටා ඇත. වෙඩි තැබීමෙන් සහ පිහි වලින් පහර දීමෙන් ගම්වැසියන් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
ඩොගොන් දඩයම්කරුවන් සහ ෆුලානි ගෝත්‍රකයන් අතර භූමිය සහ ජලය වෙනුවෙන් නිරතුරුවම ගැටුම් ඇතිවන බව සඳහන් වේ.
කෙසේ වුවද ෆුලානි ගෝත්‍රිකයින් සඳහන් කරන්නේ මාලි යුධ හමුදාව ඩෝගොන් දඩයම්කරුවන්ට ආයුධ සපයන බවයි. මේ අතර ෆුලානි ගෝත්‍රිකයන්ට ජිහාදි කණ්ඩායම් සමග සබඳතා පවතින බවට ද චෝදනා එල්ල වී ඇත. පසුගිය වසරේ ද මෙම කණ්ඩායම් දෙක අතර දරුණු සටන් ඇවිලුන අතර සියගනනක් මිය ගියහ.
(බීබීසී ඇසුරිණි - 085)

