මාලබේ වෙද විදුහල එපා


ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය පවා නොලැබී තිබියදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙම වසරටත් නවක සිසුන් බඳවා ගනිමින් තිබීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරතිබූ ජනතාව දැනුම්වත් කිරීමේ සහ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද (16) කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදී පැවැත්විණ.

ලක්ෂ 110 ක මුදලකට වෛද්‍ය උපාධිය අලෙවි වෙමින් තිබෙන්නේයැයි මෙහිදී පැවසිණ.

2009 වසරේ සිටම මෙම වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වූ මුත් පැවැති රජය එය ආරක්ෂා කරගැනීමේ යෙදී සිටිය බවට බල මණ්ඩලයේ සාමාජිකයෝ චෝදනා කළහ. ශ්‍රීලංකා වෛද්‍ය සභාව වත්මන් රජයේ ජනපතිවරයාව සහ අගමැතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබියදී පවා නවක සිසුන් බඳවා ගැනීමට තවමත් කටයුතු කෙරෙමින් තිබෙන බවත් ඔවුහු කීහ.