මාලබේ දොස්තර යළි රිමාන්ඩ්


මලබේ අරංගල ඉඩමේ ඉදි කළ අක්‍රමික තාප්පයක් කඩාවැටීමෙන් දෙදෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දොස්තර නාලක සුදර්ශන සිකුරාදා (06) වන තුරු යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.

මිය ගිය දෙදෙනාගේ අවමඟුල් කටයුතු අද සිදුවන බැවින් මහජන කැළඹීමක් ඇති විය හැකි යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.