මාලදිවයින් ජනපතිට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න යයි


මාලේහිදීය (රොයිටර්)

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරමින් සිටින බව එරට නීතිපතිවරයා අද (4) පැවසීය. 

විපක්ෂයේ නායකයන් නවදෙනකු නිදහස් කරන්නැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දිනෙක දුන් තීන්දුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීමත් සමඟ මෙම අර්බුදකාරී නිර්මාණය වී තිබේ. විපක්ෂයේ නායකයන් නවදෙනාට එරෙහිව පැවති නඩු විභාග සිදුව ඇත්තේ අසාධාරණ ලෙස යැයි සලකමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම විපක්ෂ නායකයන් නිදහස් කරන්නැයි නියෝග කළේය. 

ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් ප්‍රතික්ෂේප කරන්නැයි ද නීතිපති මොහොමෙද් අනිල් එරට ආරක්ෂක ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ. 

“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවීමේ තත්ත්වයක් පිළිබඳ අපට තොරතුරු ලැබී තිබෙනවා. ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී නොමැති බලයක් ගනිමින් කටයුතු කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට බලයක් නැහැ. ව්‍යවස්ථාව හා ගැටෙන කිසිදු පියවරක් නොගන්නා ලෙස අප සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා” යැයි නීතිපති අනිල් මාලේ අගනුවර දී මාධ්‍යවේදීන් හමුවේ කීය. 

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ නායකයන් නව දෙනාට එරෙහිව ලබා දී නඩු තීන්දු සියල්ල නිශ්ප්‍රභ කළේය. මොහොමඞ් නෂීඞ් යනු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපතිවරයාය. 

055