
(ටී.කේ.ජී.කපිල)
මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණියේය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් එම සංචාරයට එක්ව සිටිති.
මාලදිවයින,මාලේ සිට,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.
මෙම මාලදිවයින ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස 07/23 දින උදෑසන , ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය .

