මාලදිවයින් ඒකාබද්ධ විපක්ෂයෙන් මාධ්‍ය හමුවක් - පොලිසිය සීරුවෙන්


මාලදිවයින තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැතැයි මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරයි.

හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂය ඒ බව සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (5) හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය.  ඉන් අනතුරුව රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වූ අතර අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් රැසක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි ද වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේදී කැරැලි මර්දන පොලිසිය එම ස්ථානය වට කරගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් තිබේ.

055