මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිසක් ලංකාවට


(ටී.කේ.ජී.කපිල )

මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිසක් දින තුනක සංචාරයක් සඳහා අද (14) කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මාලදිවයිනේ හිටපු ජනාධිපති , වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් සහ එරට උප ජනාධිපති ෆයිසාල් නසීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම පිරිස අතරට , එරට පාර්ලිමේන්තුවේ කාරක සභා වල සභාපතිවරුන් ද ඇතුළුව 105 දෙනෙකු එක් වී සිටියහ.