මාලදිවයින අත්අඩංගුවේ සිටින ධීවර පිරිස නිදහස් කිරීමට යයි


(නිමල කොඩිතුවක්කු)

මාලදිවයින අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකික ධීවරයින් 25 දෙනෙකු සිංහල අලුත් අවුරුද්දට පෙර දිවයිනට එවීමට එරට රජය එකඟතාවය පළ කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින බලධාරීන් සමඟ කළ සාකච්ජාවේ ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරි දින කිහිපය තුළ ලාංකික ධීවරයින් පිරිස නිදහස් කිරීමට එකඟ වී තිබේ.

අරාබි මුහුදු ප‍්‍රදේශයේ ධීවර රැකියාවේ නිරතව නැවත ලංකාව බලා යාත‍්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත‍්‍රා 4 ක් සහ ධීවර ආම්පන්න මාලදිවයින් බලධාරිගේ අත්අඩංගුවේ පසුවේ.

එම ධීවරයින් පිරිස මේ වනවිට එරට කඳවුරක රඳවා තබාගෙන සිටින අතර ධීවරයින් සමඟ බහුදින යාත‍්‍රා නිදහස් කිරීමටද මාලදිවයින් රජය එකඟතාවය පළ කර ඇත.