මාලකගේ ඇප කොන්දේසි ලිහිල් කරන්න ඉල්ලයි


(නිමන්ති රණසිංහ)
 
බ්‍රිතාන්‍ය ජාතික යුවළක පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුලුවීම වලක්වාලමින් අධිකරණයෙන් පනවා ඇති තහනම සහිත ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අද (22) ඔහුගේ නිතීඥවරුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ඉල්ලීමක් කළේය.
 
මෝසමක් මඟින් කර තිබූ මෙම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසියක්ද නිකුත් කළේය.