මාලක සිල්වා අල්ලන්න වරෙන්තු


(ෂෙහාන් චාමික සිල්වා)

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.

2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

මේ සම්බන්ධ නඩුව නැවත මාර්තු 6 වැනිදා කැඳවීමට නියමිතය.

Head - මාලක සිල්වා අල්ලන්න වරෙන්තු