තිළිණි ද සිල්වා
සිය සේවා ස්ථානයේ ස්වාමිදුව සතු රත්රන් මාලයක් සොරකම් කිරීමේ වරදට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකට එරට අධිකරණය මාස හයක සිර දඬුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ලාංකික කාන්තාවට එරෙහි චෝදනාව අද (18 ) සාජා අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී එම චෝදනාවට වරදකරු කරමින් මෙම දඩුවම පනවන ලදී. අදාළ සිර දඬුවම අවසන් වූ වහාම එම චූදිත ලාංකික කාන්තාව එරටින් පිටුවහල් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබ ඇත.
මීට සති කිහිපයකට පෙර අදාළ ලාංකික ගෘහසේවිකාව විසින් එලෙස සොරකම් කරනු ලැබූ ස්වාමිදුව ගේ රත්‍රරන් මාලය ගෙලෙහි බැඳ සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ පළ කර තිබේ. පසුව එමිරාටි ජාතික ස්වාමිදුව එය දැකීමෙන් පසුව ලාංකික ගෘහසේවිකාව අදාළ සොරකම් කළ බවට සාජා පොලීසිය හමුවේ පැමිණිල්ල ගොනු කර තිබේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාජා පොලීසිය එම ගෘහසේවිකාවක කැඳවා ඇය ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එම චෝදනාව ලාංකක කත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයේ දක්නට ලැඛෙන රත්රන් මාලය ඇයට ස්වාමි දුව විසින් තමන්ට තිළිණ කළ එකක් බවද ලාංකික කාන්තාව පොලීසියට කියා ඇත.
සොරකම් කරන ලද රත්රන් මාලය පසුව ස්වාමිදුවගේ නිවසේ කුණු බාල්දියක තිබයදී හමුවී තිබේ. කෙසේවෙතත් ඇය ලබාදුන් සාක්කි පරස්පර වීම හේතුවෙන් ඇයව අත්ඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇයට එරෙහිව සාජා පොලීසිය නඩු පවරන ලදී.

