නුගේගොඩ රන් බඩු සාප්පුවකට පැමිණි මිනිහකු හා කතක මාල තිහ හතළිහයක් බලා ඉමිටේෂන් මාලයකට හොද මාලයක් මාරු කිරීමට ගත් උත්සාහයේ දී වෙලෙද සේවකයකුට පිහියෙන් ඇන ඇතැයි ද අසල සිටි පිරිස එම දෙදෙනා අල්ලා පොලිසියට භාර දී ඇතැයි ද මිරිහාන පොලීසිය කියයි.
ඔවුන් අල්ලා ගැනීමට උදව් කළ දෙදෙනකුට ද පිහියකින් ඇන ඇති බවත් පොලීසිය සදහන් කරයි.

