
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම,බේරුවල ඇතුළු ප්‍රදේශ හතක කාන්තාවන්ගේ රන්මාල කැඩූ බව කියන කරන්දෙණියේ මෙන්ඩා නමින් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි .
රුපියල් ලක්ෂ 18 කට අධික වටිනා කමකින් යුතු රන් දම්වැල් මෙම සැකකරු කඩා ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරු එම රන්මාල කැඩීමට පැමිණ ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියකින් බව විමර්ශන සිදුකරන බේරුවල පොලිසිය කියයි .
සැකකරු පැහැර ගත් සියලු රන්දම්වැල් උසස් කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
.

