මාල කඩන්නා අල්ලයි


මාලබේ සති පොළෙන් සොරකම් කළැයි කියන යතුරු පැදියකින් ගොස් වැල්ලම්පිටිය, කැලණිය, කඩවත ආදී පෙදෙස්වල රන් මාල 15ක් කැඩූ බව කියන ‘ආමි අසංක‘ නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුගේ මාල විකිණූ බව කියන ‘ගොරකා බබා‘ නම් පුද්ගලයකු සොයා ගැනීමට වෙහෙසෙන බව ද පොලිසිය පවසයි.