රංජන් කස්තුරි
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මාලබේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට උපරිම සහාය ලබා දෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වී එම තීරණය ගත් බව ද ලේකම්වරයා කීවේය. සයිටම් ආයතනය රාජ්‍ය ව්‍යූහයකට යටත් විය යුතුය යන ස්ථාවරයට මධ්‍යම කාරක සභාවේ එකඟතාවය පළ වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

