මාරාන්තික අනතුරක ගැන හරක් හොරු වමාරති


හොර හරක් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මාරවිලදී සිදු වු මාරක රිය අනතුරක තොරතරුද අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගෝගොඩ නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.

ගවයින් ඝාතනයට යොදා ගත් ආයුද රැසක් ද සොයාගත්තේය. ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ කුලි රථ ආයතනයකින් ලබාගත් සුඛෝපභෝගී වෑන් රථ දෙකක් ද පොලිස් බාරයට ගත්තේය. ඉන් එක් වාහනයක් පසුගිය 30වැනි දා මාරවිල කොස්වාඩියේ දී යතුරුපැදියකින් ගමන් ගත් මව පියා සහ දරුවා අනතුරට ලක් කර ගොස් ඇති වාහනයකි. අනතුරින් පසු ඔවුන් තුවාල කරුවන් පසෙකට ඇද දමා පළා ගොස් ඇති බව මූලිකි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

361  362 363