මාර්තු වාර ප‍්‍රවේශපත‍්‍රයෙන් දුම්රියේ යා හැකියි


මහින්ද නිශ්ශංක

මාර්තු මාසයේ වාර ප‍්‍රවේශපත‍්‍ර ලබාගත් දුම්රිය මගීන්ට එම ප‍්‍රවේශපත්වලින් මේ මාසයේ ද ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අද දුම්රිය සේවාව ආරම්භවීමත් සමග දුම්රිය ප‍්‍රවේශපත් නිකුත් කිරීම  සාමාන්‍ය  පරිදි සිදුකරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සේවාවක් වශයෙන් පවත්වාගෙන යන බවත් රජයේ නියමයන්ට අනුකූලව එම ධාවන කටයුතු සිදුකරන බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.