මාර්තු මාසයේ විභාග කල්යයි


(රංජන් කස්තුරි)

මාර්තු මාසය තුළදී පැවැත්වීමට සූදානම් කර තිබූ සියලු විභාග දින නියමයක් නැතිව කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය
  • ජාතික කලායතන විභාගය
  • අම්බලන්ගොඩ වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ අවසාන පරීක්ෂණය
  • ශ්‍රී ලංකා මහබැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවාගැනීමේ විවෘත තරග විභාගය
  • ශ්‍රී ලංකා මහබැංකුවේ කළමනාරකරණ සහකාර පන්තියේ සේවා නියුක්තිකයන් මාණ්ඩලික පන්තියේ පළමු ශ්‍රේණියට උසස්කිරීමේ සීමිත තරග විභාගය
  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය
  • රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය සහ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය

කල්තබන බවද එම දෙපාර්තමේන්තුව කියයි.