(විනීතා එම් ගමගේ)
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් පුත් සරත් කුසුම් වික්‍රමසිංහ මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත විය.
1928 ජනවාරි 26 වැනිදා උපත ලැබූ සරත් කුසුම් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වනවිට 92 වන වියේ පසුවිය.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිගු කළක් කටයුතු කළ වික්‍රමසිංහ මහතා ව්‍යාපාර ක්‍ෂෙත්‍රයේ ද ප්‍රමුඛයෙකු ලෙස කැපී පෙනුණු අයෙකි.
ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වූ ඔහු ලංකා කෙමිකල් ඉන්ඩස්ටී්‍රස්, ඊගල් රක්ෂණ සමාගම, කෙමිනිස්ට් ආයතනය, කොමර්ෂල් බැංකුව වැනි ආයතන ගණනාවක සභාපති ධූර උසුලා තිබේ.
1995 වසරේ දී සියලු තනතුරුවලින් ඉවත්ව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයේ වැඩ භාරගත් හෙතෙම 1999 වසරේ දී යලි මෙරටට පැමිණ ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධුරය බාරගත්තේය.
ඔහු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන සමයේ ඔහු ගේ ධන පරිත්‍යාගයෙන් පහසුකම් අඩු පාසල්වලට පාසල් පුස්තකාල ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශ සඳහා ජල පවිත්‍රකරණ යන්ත්‍ර ද සපයා දීමට මෙන්ම දිළිඳු පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.
අභාවප්‍රාප්ත වික්‍රමසිංහ මහතාගේ දේහය කොළඹ 5, ක්ලෙසන් ඇවනිව් හි අංක 8 දරන ස්ථානයේ පිහිටිි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (13) සවස 4 ට බොරැල්ල ආදාහනාගාරයේ දී සිදුකෙරේ.

