(නිමල කොඩිතුවක්කු)
පවතින අධික වර්ෂාවත් සමඟ මහ මාර්ග පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබේ.
ඒ අනුව අධිවේගී නොවන අනෙකුත් ( ඒ සහ බී පන්තියේ) මාර්ග සම්බන්ධයෙන් තොරතුරු 1968 යන කෙටි අංකයටත් අධිවේගී මාර්ග සම්බන්ධ තොරතුරු 1969 යන කෙටි අංකයටත් දැනුම් දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බත්තරමුල්ල පිහිටි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
මෙයට අමතරව හදිසි අවස්ථාවකදී මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් නිලධාරීන් පත් කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව
අතුල ගමගේ ( පළාත් භාර අධ්‍යක්ෂ - දකුණ ) 041 2222 150, 071 8055 117
කේ. ජී. ඩී කිරිඇල්ල ( පළාත් භාර අධ්‍යක්ෂ - සබරගමුව ) 045 2222 608, 071 4396 759
මංගලා මාරසිංහ ( පළාත් භාර අධ්‍යක්ෂ - වයඹ ) 037 2223 250, 071 8003 699
ඊ. එම්. එස්. ඒකනායක ( පළාත් භාර අධ්‍යක්ෂ - උතුරු මැද ) 025 2235 201, 071 4225 668
ආර්. යූ. රණසිංහ ( ප්‍රධාන ඉංජිනේරු - කලුතර ) 034 2222 500, 077 3408 180
එම්. ජී. කේ මොහන්දිරම් ( ප්‍රධාන ඉංජිනේරු - බණ්ඩාරවෙල ) 057 2222 171, 071 6373 450,
ඉලංගිරන් ( ප්‍රධාන ඉංජිනේරු -- මුලතිව් ) 021 2285 724, 077 6180 853,
කේ. එම් තිලකරත්න ( ප්‍රධාන ඉංජිනේරු - නුවර එළිය ) 052 2222 552, 071 8675 031,
ඩී. එන්. එල්. කේ. ගන්නෝරුව ( ප්‍රධාන ඉංජිනේරු - මාතලේ ) 066 2222 009, 071 4559 320
යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.