(ක්‍රිෂාන් ජීවක ජයරුක්, සුජීව සමරක්කොඩි)
අකුරැස්ස හේනේගම ඕවිටිමුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ගයක් පරික්ෂා කිරීම සඳහා ගිය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට පොල්ලකින් පහරදී ඔවුන්ගේ නිල වාහන ද කුඩු කර අලාභ හානි සිදු කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලු ප්‍රහාරයෙන් හිසට තුවාල සිදු වු ප්‍රාදේශීය ලේකම්වරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අකුරැස්ස රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.
එම අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරයාට ද සුළු තුවාල සිදු වී තිබෙන අතර ඔවුන් රෝහල් ගත වී නොමැත.

