
(රවින්ද්‍ර ලියනගේ)
මාරවිල ලංසිගම මුහුදු තිරයේ ගල් වැටියක් අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙක් අද(07) පස්වරුවේ මුහුදු රළ පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරු දහන්ව සිටිය දී පැය තුනකට පසු සිරුර සොයාගත් බව මාරවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය අක්කර 80 ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුවෙකි.
පාසලේ මිතුරන් සිව් දෙනකු ඇතුලු පස්දෙනකු මුහුදේ නාමින් සිටියදී සියල්ලෝම රළ පහරකට ගසා ගෙන ගොස් ඇති අතර සිව් දෙනකු දිවිබේරා ගොඩට පැමිණ ඇති බව පොලිසිය කියයි.

